ගීත ලොවේ තාරුණ්‍යයේ මිහිරාවිය ඇයයි. ඇය මේ වෙද්දී සිනමා රංගන ශිල්පිනියක බවටත් පත් වි හමාරය.

කාගෙත් හිත් දිනාගත් විශාල ප්‍රේක්ෂකාදරයක් හිමි, අපේ රටේ ප්‍රවීන ගායන තරු දෙපළකගේ ආදරය දියණියක වන මෙන්ම උපතින්ම ගායන හැකියාව ලැබුණු ඇය, නමින් කාවින්ද්‍යා අධිකාරී යි.

“සඳ තරු මල්” කියන ගීතය, කාවින්ද්‍යා කුඩා කාලයේ දී ඇගේ ආදරණීය මාපියන් විසින් ඇය වෙනුවෙන් අපූරුවට ගායනා කල ගීතය යි.

ඉතින් එදා කාවින්ද්‍යාගේ මාපියන් ගායනා කල “සඳ තරු මල්” අද, දියණිය කාවින්ද්‍යා හරි අපූරුවට ගායනා කරනවා. ඉතින් ප්‍රේක්ෂකයින් ද මවිතයට පත් කරමින් කාවින්ද්‍යා ඒ ගීතය තම මාපියන් සමඟින් හරි අපූරුවට ගායනා කරලා තියනවා.

ඉතින් ඒ විතරක් නෙවෙයි කාවින්ද්‍යා ඇගේ පළමු රංගනයෙන් ම සම්මානයට ද පාත්‍ර වනවා. කාවින්ද්‍යා ඇය ගැන මෙන්න මේ වගේ හරි අපූරු කථා ටිකක් තමයි කියන්නේ, “මම පාසල් යන කාලේ හරිම දඟකාරයි. ඉස්කෝලෙනුත් මාව අයින් කරා ඒ දඟ වැඩ හින්දම.

දැන් මං මෙහෙම හිටියාට, කට්ටියට කොනිත්තපු ගහපු කේස් ගොඩයි ඒ කාලේ. ඉතින් ඒ පාසල් කාලේනේ. දැන් නම් මං එහෙම නෑ. ඉතින් ඒ වාගේම මං මල්ලිට ගොඩාක් ආදරෙයි.

මල්ලිත් මට හරි ආදරෙයි. ගොඩක් අය අපේ පවුලට කථා හදන්න බලන් ඉන්නවා. සමහර වෙලාවට අපි ෆොටෝ එකක් දානකම් බලන් ඉන්නවා.

ඉස්සර නම් හිත රිදුනා සමහර තැන් වලදී. ඒත් දැන් එහෙම නෑ. ඒ හැම දේකටම හිත හොඳට පදම් වෙලා තියෙන්නේ” කියලා. කාවින්ද්‍යා මේ වෙද්දී යොවුන් වියේ පසුවන 25 හැවිරිදි සුන්දර තරුණියක වනවා.

ඇගේ මව සහ බාල සහෝදරයාද රැක බලාගනිමින් ගොඩක් වගකීම් මැද්දේ ජීවිත් වුණු තරුණියකි කාවින්ද්‍යා. ඉතින් කාවින්ද්‍යා මෙන්න මේ විදියට කියනවා, “චිරන්ත ආව නිසා ඒ වගකීම් වලින් ටිකක් නිදහස් වුණා.

ඊට කලින් නම් “ගෙදර තාත්තා” වගේ වැඩ කරේ” කියලා. ඒ වගේම කාවින්ද්‍යාගේ මම්මා ඒ කියන්නේ ආත්තම්මාගේ වියෝවෙන් කාවින්ද්‍යා ගොඩාක් සිත් තැවුලට දුකට පත් වී හිටියාලු.

ඉතින් ඒ වෙලාවේ කාවින්ද්‍යාගේ පියා ඒ කියන්නේ අතුල අධිකාරි ඇය ළඟින්ම හිටිය නිසා, කාවින්ද්‍යාට ඒක ලොකු ශක්තියක් වුණා ලු. ඔන්න ඉතින් කාවින්ද්‍යා විවාහ වෙන්නේ නෑ කියලා තීරණය කරලා ලු තියෙන්නේ.

ඉතින් කාවින්ද්‍යා විවාහ වෙන්නේ නෑ කියලා, ඇගේ ආදරණිය මෑණිය සමිතා මුදුන්කොටුවත් ආදරණීය පියා අතුල අධිකාරිත් දන්නවාලු. ඉතින් දෙමාපියන් වුණත් ඒ දේවල් තේරුම් අරන්ලු ඉන්නේ.

ඉතින් කාවින්ද්‍යා කියනවා, “කෙනෙක් ඕන වෙලාවක, විවාහ වුණත් වෙනස් වෙන්න පුලුවන්. වයසට යද්දි හවුහරණක් ඕන නිසා ගොඩක් දෙනෙක් විවාහ වෙනවා.

ඒ වුණත් එක්කනෙක්ට කලින් අනිත් කෙනා මිය යන්නත් පුලුවන්නේ” කියලා. ඉතින් නිදහසේ පවුලේ ආදරණීයයන් එක්ක කාවින්ද්‍යාගේ මල්ලිවත් බලාගෙන සතුටින් ඉන්න තමයිලු කාවින්ද්‍යාගේ ලොකුම බලාපොරොත්තුව.